
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද අලුයම 1.10ට කටුනායක සිට බැංකොක් බලා පියාසර කිරීමට නියමිතව තිබූ UL 403 යානය පෙරවරු 11.45 වනවිටත් කටුනායක තිබුණු බව වාර්තා වේ.
මේ හේතුවෙන් ගුවන් මගීන් දැඩි පීඩාවකට පත්ව ඇත.
අලුයම 1.10ට පිටත්වන මගීන් ගුවන්තොටුපලට පැමිණිය යුත්තේ ආසන්න වශයෙන් පැය 3කට පමණ පෙරය.
ඒ අනුව බැංකොක් බලා යෑමට පැමිණි මගීහු මේ වන විට පැය 12කට වඩා ගුවන්තොටුපලේ සිරවී සිටිති.
මෙම ප්‍රමාදය හේතුවෙන් පෙරවරු 8.30ට බැංකොක් සිට කොළඹ බලා පැමිණීමට නියමිත ගුවන් ගමන ද ප්‍රමාද වී ඇත.
එම මගීන් තවමත් බැංකොක් ගුවන්තොටුපලේ රැඳී සිටින බව වාර්තා වේ.
ශ්‍රී ලන්කන් ගුවන් ගමන් දිගින් දිගටම ප්‍රමාදවීම සම්බන්ධයෙන් ගුවන් සේවා පාලනාධිකාරිය, වෘත්තිය සමිති නියෝජිතයන් සහ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා අතර සාකච්ඡාවක් පසුගිය සඳුදා පැවැත්විණි.
එහිදී ගුවන් සමාගම පොරොන්දු වී ඇත්තේ, මෙම ගැටලුව යළි ඇති නොවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි.
බැංකොක් ගුවන් යානය අද ප්‍රමාද වන්නේ එවන් පසුබිමක වීම දුන් පෙරොන්දු කඩකිරීමකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart