
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අඛණ්ඩව සිදුවූ ගුවන් ගමන් අවලංගු කිරීම් සහ ප්‍රමාදයන් සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය පීඩාවට පත් වූ පාරිභෝගිකයන්ගෙන් අද සමාව අයැද ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ඒ සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය මෙසේ පවසයි.
“පසුගිය දින කිහිපය තුළ අවලංගු කිරීම් සහ ප්‍රමාදයන් ගණනාවක් හේතුවෙන් සිය ගමන්වලට බාධා ඇති වූ පාරිභෝගිකයන්ගෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම සමාව අයැදීමට කැමැත්තෙන් සිටී. අවාසනාවකට මෙන්, මෙම කාර්යබහුල අවස්ථාවේ, අපට එයාර්බස් A330 ගුවන් යානා දෙකක් දින කිහිපයක් සේවයෙන් ඉවත් කිරීමට සිදුවිය. එකක් සඳහා දිගු පරීක්ෂාවක් අවශ්‍ය වූ අතර, එහි නඩත්තුව වෙනුවෙන් අවශ්‍ය වූ කොටසක් ගෝලීය සැපයුම් හිඟයක් හේතුවෙන් ලැබීම ප්‍රමාද වූ අතර අනෙක පැරිසියේදී ටයරයක් පුපුරා යෑම හේතුවෙන් සේවයේ යෙදවීම ප්‍රමාද විය.
ඒ සමගම අපට අමතර එන්ජින් දෙකක් සහ අලුතින් කුලියට ගත් A320 ගුවන් යානයක් පැමිණීමේ ප්‍රමාදයන් ඇති විය. මේ නිසා ඉතා කෙටි දැනුම්දීමකින් සමහර ගුවන් ගමන් අවලංගු කිරීම සහ අනෙක් ඒවා ප්‍රමාද කිරීම හැර වෙනත් විකල්පයක් අපට ඉතිරි නොවීය. මෙම උත්සව සමයේ මගීන් රැසකගේ ගමන් සැලසුම්වලට මෙමගින් බාධා එල්ලවීම ගැන අපි කණගාටු වෙමු. අපගේ සේවයට කැපවූ කණ්ඩායම හැකි ඉක්මණින් සියලුදෙනාම ඔවුන්ගේ ගමනාන්ත වෙත ගෙන යෑමට අනෙකුත් සගයන්ගේ සහාය ඇතිව වෙහෙස නොබලා වැඩ කරති…”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart