
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රවර්ධනය කරන ‘රාමායණ මංපෙත’ වෙළඳ දැන්වීම මගින් එම වීර කාව්‍යයට සම්බන්ධ ස්ථාන ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් බොහෝදෙනාගේ ප්‍රශංසාව ලැබී තිබේ.
මිනිත්තු පහක දැන්වීමේ දැක්වෙන්නේ මිත්තණියක් ළමා පොතකින් හින්දු වීර කාව්‍යයේ කතාව තම මුණුපුරාට පවසන ආකාරයයි.
රාවණා සීතා පැහැරගෙන ගිය දිවයින ගැන මුණුපුරා අසයි. එවිට ආච්චි ඔහුට නූතන ශ්‍රී ලංකාවේ රාවණ රාජධානියේ කතාව කියයි.
“රාමායණයේ ඇති සියලුම ස්ථාන සැබෑවක්. අද අපි ලංකාව ශ්‍රී ලංකාව කියන්නේ ඒ රටට, ”ඇය පවසන විට යක්‍ෂ රජුගේ මාලිගාව තුළ අශෝක වතිකයට සීතා ගෙන යෑමට පෙර ඇය රඳවා සිටි බවට විශ්වාස කෙරෙන ඇල්ල නගරයට ආසන්න රාවණාගේ ගුහාවේ දර්ශන වීඩියෝවේ පෙන්වනු ලබයි.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු දෙමළ ජනතාව විසින් නඩත්තු කරනු ලබන අශෝක් වතික සීතා විහාරය ලෙසින්ද හැඳින්වෙන සීතා අම්මාන් කෝවිල ද මෙම වීඩියෝවේ දැක්වේ.
තමිල්නාඩුවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ වෙරළට සම්බන්ධ කරන රාම් සේතු පාලම ගැන සඳහන් කරමින්, රාමගේ හමුදාව ලංකාවට ළඟා වීමට ඉදිකරන ලද පාලම පිළිබඳව ද වීඩියෝවේ සඳහන් වේ.
“පාලම තවමත් පවතිනවාද,” මුණුපුරා අසන විට “ඔව්, එය අදටත් දකින්න පුළුවන්,” යනුවෙන් ආච්චි පිළිතුරු දෙයි.
ලක්ෂ්මන්ව බේරගන්න සංජීවනී ඔසුව ගෙන ඒමට හනුමාන් හිමාලයේ සිට කන්දක් රැගෙන යද්දී ඔහුගේ අතින් වැටුණු කන්දේ කොටසක් ගැනද දෙදෙනා කතා කරති.
ඒ ආසන්නයේ වෙනත් කිසිම තැනක දක්නට නොලැබෙන ඖෂධීය ශාක කොටස්වලින් සමන්විත රූමස්සල කන්ද එලෙස කඩා වැටුණු කඳු කොටස බව බොහෝ දෙනා විශ්වාස කරති.
රාමායණ කතාව හරහා අධ්‍යාත්මික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් ගෙන ඇති මුලපිරීම X සමාජ මාධ්‍ය වේදිකාව තුළ ද ප්‍රසාදයට හේතු වී තිබේ.
“මොනතරම් විශිෂ්ට වෙළඳ දැන්වීමක්ද. එය ශ්‍රී ලංකාවට පැමිණීමට බොහෝ දෙනෙකුව පොළඹවනු ඇත, ” යනුවෙන් පරිශීලකයෙක් X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහන් කර ඇත.
“එතරම් දර්ශනීය දැන්වීමක්. ඒක බලලා හිතේ අමාරුවක් ආවා. අපේ සංචාරක ක්ෂේත්‍රය මෙයින් ඉගෙන ගත යුතුයි,”යනුවෙන් තවත් පරිශීලකයෙක් පැවසීය.
තවත් පරිශීලකයකු පවසා ඇත්තේ එය හොඳම ගුවන් වෙළඳ දැන්වීමක් බවයි.
“මොන තරම් විශිෂ්ට වෙළඳ දැන්වීමක්ද! රාමායණයෙන් ඓතිහාසික ස්ථාන මතු කිරීම, එය කුතුහලයක් ඇති කරනවා වගේම ශ්‍රී ලංකාවේ පොහොසත් උරුමය ගවේෂණය කිරීමට බොහෝ දෙනා ඇද ගන්නා බව නිසැකයි” යනුවෙන් තවත් අයකු සටහන් කර තිබේ.
“මගේ මීළඟ ලොකුම ගමන ශ්‍රී ලංකාවයි.” යනුවෙන් ද වීඩියෝවට ප්‍රතිචාර ලෙස තවත් සංචාරකයකු සටහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart