
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
 
                2024 ජන හා නිවාස සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21.7ක් වී තිබේ.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, 2024 දී පවත්වන ලද සංගණනය ජාතික සංගණන මාලාවේ 15 වැනි ජන හා නිවාස සංගණනය වන අතර එය 2024 ඔක්තෝබර් 07 වැනිදා සිට 2025 පෙබරවාරි දෙවැනි සතිය දක්වා සිදු කරන ලදී.
මෙම සංගණනයේදී, ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය 21,781,800ක් ලෙස වාර්තා වූ අතර, ඉන් 51.7%ක් කාන්තාවන් වූ අතර 48.3% ක් පිරිමින් විය.
නාගරික අංශයේ, ජනගහනයෙන් 51.9%ක් කාන්තාවන් වන අතර 48.1%ක් පිරිමින් වේ.
ග්‍රාමීය සහ වතු ග්‍රාමීය අංශවල කාන්තා ප්‍රතිශතය පිළිවෙළින් 51.7%සහ 51.4%වන අතර පිරිමින්ගේ ප්‍රතිශතය 48.3% සහ 48.6% වේ.
වතු නාගරික අංශයේ කාන්තා සහ පිරිමි ප්‍රතිශතය පිළිවෙළින් 50.4% සහ 49.6% ලෙස වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ අනුපාතය 93.3කි.
සියලුම දිස්ත්‍රික්කවල ස්ත්‍රී පුරුෂ අනුපාතය 100ට අඩුවෙන් පෙන්නුම් කෙරේ.
වැඩිම ස්ත්‍රී පුරුෂ අනුපාතය මොණරාගල දිස්ත්‍රික්කයෙන් (97.9) වාර්තා වන අතර, රටේ අඩුම ස්ත්‍රී පුරුෂ අනුපාතය මඩකලපුව දිස්ත්‍රික්කයෙන් (88.0) වාර්තා වේ.
2012 සිට 2024 දක්වා සංගණන කාලය තුළ රටේ වයස අවුරුදු 15ට අඩු ජනගහනය සියයට 4.5කින් අඩු වී ඇති අතර එම අඩුවීම සියයට 25.2 සිට සියයට 20.7ක් දක්වා ලෙස දැක්වේ.
තවද, වයස අවුරුදු 65 සහ ඊට වැඩි ජනගහනය සියයට 7.9 සිට සියයට 12.6 දක්වා වැඩි වී ඇති අතර එය සියයට 4.7ක වැඩිවීමකි.
2024 දී, වයස අවුරුදු 15-64 අතර ජනගහනය මුළු ජනගහනයෙන් සියයට 66.7ක් වූ අතර එය 2012 දී සියයට 66.9ක් විය.
ඒ අනුව, 2012 සිට 2024 දක්වා සංගණන කාලය තුළ වයස අවුරුදු 15-64 අතර ජනගහනයේ ප්‍රතිශතය සියයට 0.2ක අඩුවීමක් පෙන්නුම් කරයි
වයස අවුරුදු පහළොවට අඩු සහ වයස අවුරුදු හැටපහ සහ ඊට වැඩි ජනගහනය යැපෙන්නන් ලෙස සැළකේ.
2012 සංගණනයට අනුව සියයට 49.4ක් ලෙස ගණනය කරන ලද යැපුම් අනුපාතය 2024 දී සියයට 49.8 දක්වා ඉහළ ගොස් තිබේ.
ඉහළම යැපුම් අනුපාතය දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයෙන් (සියයට 55.0) වාර්තා වන අතර, අඩුම යැපුම් අනුපාතය බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් (සියයට 43.0) වාර්තා වේ.
සංගණනයේ වාර්තා වූ මුළු සංක්‍රමණික ජනගහනය 3,167,263කි.
සංක්‍රමණික ජනගහනයෙන් සියයට 40.6ක් ප්‍රධාන වශයෙන් විවාහය හේතුවෙන් සංක්‍රමණය වූවන්ය.
 
															 
															 
															 
															 
															Adding {{itemName}} to cart
Added {{itemName}} to cart