
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංචාරය කරන්නන් සඳහා ගමනේ යෙදෙන අතරතුර රසවිඳිය හැකි කෝපි අත්දැකීමක් ලබාදෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ටුක් ටුක් කෝපි’ (TukTuk Coffee) ව්‍යාපෘතිය නුවරඑළියේ දියත් කර තිබේ.
කොෆී එක්ස්ප්ලෝරේෂන් ටෙක්නොලොජීස් කෝපරේෂන් (Coffee Exploration Technologies Corporation) ආයතනය විසින් මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත.
මෙම නව්‍ය ජංගම කෝපි සංකල්පය මගින් උසස් තත්ත්වයේ තනි ප්‍රභවයකින් යුත් (Single origin) ලාංකීය කෝපි, දිවයිනේ වඩාත් ආකර්ෂණීය සංචාරක ගමනාන්ත වෙත සෘජුවම රැගෙන එමින් දේශීය කෝපි ක්ෂේත්රය නව මානයකට ඔසවා තැබීමට සූදානම් වේ.
ශ්‍රී ලංකාව ‘කෝපි පුනරුදයක්’ අත්විඳිමින් සිටින මොහොතක, මෙම ටුක් ටුක් කෝපි ව්‍යාපෘතිය වෙළඳපොළේ පවතින ප්‍රධාන අවශ්‍යතාවකට විසඳුම් ලබා දෙන බව සමාගම පවසයි.
මීදුමෙන් වැසුණු නුවරඑළිය කඳුකරය විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් වුවද, බොහෝ සුන්දර නැරඹුම් මධ්‍යස්ථාන සහ දුරස්ථ සංචාරක මාර්ග අසල ස්ථිර කෝපි හල් පිහිටා නොමැත.
ටුක් ටුක් කෝපි සේවාව ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය වාහනය වන ‘ටුක් ටුක්’ රථය භාවිත කරමින්, සාමාන්‍ය ගොඩනැගිලි ඉදිකළ නොහැකි ස්ථාන කරා ගොස් ලෝක මට්ටමේ කෝපි අත්දැකීමක් ලබා දෙයි.
මෙම ටුක් ටුක් කෝපි රථ මගින් පිරිනමනු ලබන සෑම කෝපි කෝප්පයක්ම ප්‍රදේශයේ අනන්‍යතාව විදහා දක්වන බව සමාගම කියයි.
මේ සඳහා අවශ්‍ය කෝපි සෘජුවම ලබාගන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ කෝපි ගොවීන්ගෙනි.
එමගින් සංචාරක කර්මාන්තයේ ආර්ථික ප්රතිලාභ සෘජුවම ප්‍රදේශයේ ජනතාව වෙත ගලා යෑම සහතික කෙරේ.
100%ක් ශ්‍රී ලංකාවේ වගා කරන කෝපි ඇට භාවිත කිරීමෙන්, උස්බිම්වලටම ආවේණික වූ මෘදු, පොහොසත් සහ චොකලට් රසයට හුරු සුවිශේෂී රසයක් පාරිභෝගිකයාට ලබා දෙයි.
”අපගේ අරමුණ වන්නේ සංචාරකයන් ගැවසෙන ඕනෑම තැනකට උසස් තත්ත්වයේ ශ්‍රී ලාංකීය කෝපි පහසුවෙන් ලබාදීමයි,” යැයි කොෆී එක්ස්ප්ලෝරේෂන් ටෙක්නොලොජීස් කෝපරේෂන් හි ප්‍රකාශකයෙක් පැවසීය.
“අපි කරන්නේ හුදෙක් පානයක් විකිණීම පමණක් නොවෙයි; දේශීය ගොවීන් දිරිමත් කරන සහ ශ්‍රී ලංකාව විශේෂිත කෝපි සඳහා වූ ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරන උසස් මට්ටමේ පහසු සේවාවක් සැපයීමයි.” යනුවෙන් ද ඔහු පැවසීය.
අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව, මනාව සකස් කරන ලද විශේෂිත කෝපි පිරිනැමීම මෙමගින් අපේක්ෂා කර තිබේ.
පරිසර හිතකාමී සහ සංස්කෘතිකමය වශයෙන් දේශීය අනන්‍යතාව රැකෙන ජංගම සේවාවක් හරහා ‘පුංචි එංගලන්තයේ’ සංචාරක අත්දැකීම ඉහළ නැංවීම ව්‍යාපෘතියේ අරමුණකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart