
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රංශයේ රක්ෂිත බන්ධනාගරගත කර සිටින පාතාල නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කුඩු අංජු’ නමැත්තා පිටුවහල් කිරීමට එරෙහිව ප්‍රංශයේ අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු විදේශයන්හි සිට ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, පෙබරවාරි මස 01 වැනිදා ලබාදුන් තීන්දුව අවසන් තීන්දුව නොවන බවත්, අධිකරණ ක්‍රියාවලිය සති දෙකකින් පමණ අවසන් වූ පසු අවසන් තීන්දුව ලබාදෙන බවත් එරට නිලධාරීන් ශ්‍රී ලංකා බලධාරීන්ට දන්වා ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ප්‍රංශය වැනි රටවල වෙසෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් 30 දෙනකු අත්අඩංගුවට ගැනීමට රජය විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මීට පෙර සඳහන් කර තිබිණි.
කෙසේවෙතත්, අභියෝග මධ්‍යයේ වුවද සියලුම අපරාධකරුවන් කොටුකර ගැනීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කරන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart