
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වසරේදී තවදුරටත් දුර්වල වනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) ප්‍රකාශ කරයි.
මීට සුළු මොහොතකට පෙර කොළඹදී පැවැති විශේෂ ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් IMF ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පෙන්වාදුන්නේ 2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.5කින් පමණ වර්ධනය විය හැකි බව මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර තිබුණද, මේ වසරේදී(2023) මෙරට ආර්ථිකය 03%කින් පමණ හැකිලෙනු ඇති බවයි.
“ශ්‍රී ලාංකීය ජනතාවට, විශේෂයෙන් දුප්පත් හා අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට අර්බුදයේ බලපෑම සහ විදේශ මූල්‍ය පහසුකම් ලබාගැනීම සඳහා රට ප්‍රවේශය ප්‍රමාද වීම නිසා ඇති වන ආර්ථික බලපෑම් පිළිබඳව අපි දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිමු.” යැයි ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
2023 මාර්තු 20 දින, IMF විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහායවීම වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 03 ක පමණ, මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකමක් අනුමත කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart