
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට වාර්ෂික උපත් අනුපාතිකයේ සැළකිව යුතු අඩුවීමක් පෙන්නුම් කර ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු දත්ත මගින් පෙනීගොස් තිබේ.
එම දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව 2020 වසරේ සිට වාර්ෂික මරණ සංඛ්‍යාව ඉහළගොස් ඇත.
2020ට පෙර 325,000ක් පමණ වූ වාර්ෂික උපත් සංඛ්‍යාව මේ වන විට 280,000 දක්වා අඩු වී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් නීතීඥ ලක්ෂිකා ගනේපොල ප්‍රකාශ කර තිබේ.
මේ අතර, වාර්ෂික මරණ සංඛ්‍යාව 2020ට පෙර පැවති 140,000ට සාපේක්ෂව 180,000 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධනයට අහිතකර ලෙස බලපාන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ අතර, ආසියානු සංවර්ධන බැංකුවේ අනාවැකිවලට අනුව 2050 වන විට, ශ්‍රී ලංකාව අනෙකුත් රටවලට වඩා අඩු ඒක පුද්ගල ආදායමක් සහිත වයස්ගත ජනගහනයක් ඇති රටක් බවට පත්වනු ඇති බව සඳහන් කර තිබේ.
මීට අමතරව, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) පවසන්නේ, 2017 දී වයස අවුරුදු 60ට වැඩි ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රතිශතය 14% සිට 2037 වසර වන විට 22% දක්වා ඉහළ යනු ඇති බවට ජනගහන ප්‍රක්ෂේපණ පෙන්වා දෙන බවයි.
වාර්තා වන සංඛ්‍යාලේඛනවලට අනුව, 2023 වසරේ ශ්‍රී ලංකාවේ උපත් අනුපාතය පුද්ගලයන් 1000කට උපත් 14.544ක් වූ අතර එය 2022ට වඩා 1.99%ක අඩුවීමක් වේ.
ගිය වසරේ මරණ අනුපාතය 7.122ක් ලෙස දැක්වේ.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart