
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිඟුරක්ගොඩ ගුවන් තොටුපළේ ධාවන පථ සංවර්ධන ව්‍යාපෘතිය ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා අතින් අද නිල වශයෙන් විවෘත කෙරිණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අනුව එම ව්‍යාපෘතිය යටතේ හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ ශ්‍රී ලංකාවේ 6 වැනි අන්තර්ජාති ගුවන්තොටුපළ බවට පත්වීමට නියමිතය.
හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ සඳහා ප්‍රධාන සැලැස්ම සහ ඒ ආශ්රිත අනෙකුත් කාර්යයන් සකස් කිරීමට පත්කළ කමිටුවේ නිර්දේශ අනුව සම්පූර්ණ ගුවන් තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීමට මෙම වසරේ ජුනි මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවිය.
එකල රජය පැවසුවේ හිඟුරක්ගොඩ ගුවන්තොටුපළ දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කළමනාකාරීත්වය යටතේ ක්‍රියාත්මක වන අතර අන්තර්ජාති සිවිල් ගුවන් සේවා ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවයි.
ඒ අනුව ගුවන් තොටුපොළේ ප්‍රධාන සැලැස්ම සකස් කිරීම සහ වෙනත් අදාළ කාර්යයන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලදී.
එකී කමිටුවේ නිර්දේශ අනුව හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ අංගසම්පූර්ණ ගුවන් තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීමට සූදානම් වීම සඳහා ජනාධිපතිවරයා සහ ගුවන් සේවා ඇමැතිවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart