
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව තුන්වැනි ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ.
ඒ, තරගාවලියේ මුලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ අවසන් තරගයේදී බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ලකුණු 07කින් පරදවමිනි.
ඩුබායිහි අද පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 02ක් අවසානයේ ලකුණු 228ක් රැස්කළේය.
එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරතවූ විමත් දිනසර ශතකයක් වාර්තා කළේය.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 03කදී ලකුණු 221කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart