
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රහස්පතින්දා ආගමන විගමන පරීක්ෂාවකදී JB Sentral සහ සුල්තාන් ඉස්කන්දාර් ගොඩනැගිල්ල සම්බන්ධ කරන පදික පාලමකින් වැටීමෙන් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇත.
සවස 4:48 ට පමණ වාර්තා වූ මෙම සිද්ධියේදී, ජොහෝර් බාරු සෙලටන් පොලිසියේ ප්‍රකාශයකට අනුව, 30 හැවිරිදි වියේ පසුවන, කර්මාන්තශාලා ක්‍රියාකරුවකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකිකයකු මරණයට පත්ව තිබේ.
“Sultanah Aminah රෝහලේ වෛද්‍ය නිලධාරීන් විසින් මෙම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බව ප්‍රකාශ කර ඇත,” යැයි පොලිසිය ප්‍රකාශ කර ඇත.
“මූලික විමර්ශනවලින් පෙනීයන්නේ වින්දිතයා ආගමන බලධාරීන්ගේ පරීක්ෂාව මගහැරීම සඳහා යම් ආකාරයෙන් ක්‍රියාකර ඇති බවයි.” යනුවෙන්ද පොලිසිය සඳහන් කරයි.
මරණයට හේතුව තහවුරු කිරීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය සුල්තානා අමිනා රෝහල වෙත යවා ඇත.
හදිසි මරණයක් ලෙස වර්ගීකරණය කර ඇති මෙම සිද්ධියේ කිසිදු සාපරාධී අංගයක් සැක නොකරන බව Johor Baru Selatan පොලිසිය තහවුරු කළේය.
සුල්තාන් ඉස්කන්දාර් ගොඩනැගිල්ල මැලේසියාව සිංගප්පූරුව සමඟ සම්බන්ධ කරන ප්‍රධාන ආගමන මුරපොළකි.
ජොහෝර් බාරු හි ප්‍රවාහන මධ්‍යස්ථාන අතර ගමන් කරන මගීන් විසින් පදික පාලම නිතර භාවිත කරන බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart