
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලබන මාසයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිතය.
මෙම සැසිවාරයේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ලිඛිත ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාවෙන් යන තාක්ෂණික කණ්ඩායමක් සහ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා ස්ථිර නියෝජිත කාර්යාලයේ නිලධාරීන් එක්ව මෙම කටයුතු සංවිධානය කරන අතර, මීට පෙර සම්මත වූ එක්සත් ජාතීන්ගේ යෝජනාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව විදේශ අමාත්‍යවරයා විසින් අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කරනු ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (OHCHR)විසින් සති කිහිපයකට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බෙදාහරින ලද කෙටුම්පත් වාර්තාවට රජය විසින් දැනටමත් ප්‍රතිචාර දක්වා ඇති බව ද වාර්තා වේ.
60/1 මානව හිමිකම් යෝජනාවට අනුව, ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම්වල ප්‍රගතිය පිළිබඳ කාලීන තොරතුරු ඉදිරිපත් කිරීමට මෙන්ම, ජිනීවා හි පිහිටි OHCHR ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය මගින් සිදුකරනු ලබන සාක්ෂි රැස්කිරීම් සහ නීතිමය ක්‍රියාමාර්ග පරීක්ෂා කිරීමට ද මෙහිදී නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart