
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන පන්දුවාර 20 තරගාවලියෙන් අනතුරුව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ක්රිකට් තරගාවලියක් සදහා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය.
ඒ අනුව, දෙරට අතර පැවැත්වෙන තරග කාලසටහනද මේ වන විට නිකුත් කර තිබේ.
පන්දුවාර 20 තරග තුනක් ,එක්දින තරග තුනක් සහ ටෙස්ට් තරග ද්විත්වයක් ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට සැලසුම් කර ඇත.
පන්දුවාර 20 තරගාවලිය මාර්තු මස 04,06 සහ 09 යන දිනවලදී සහ එක්දින තරගාවලිය මාර්තු මස 13,15 සහ 18 යන දිනවලදී පැවැත්වේ.
ටෙස්ට් තරගාවලිය මාර්තු මස 22 වැනිදා ආරම්භ වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart