
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රීලන්කන් ගුවන් සේවය සතු ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගුවන් සේවයේ තිරසර පැවැත්මට අතිශයින් වැදගත් බව එහි ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් පැවැසීය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති ණය සම්බන්ධයෙන් යම් එකඟතාවකට පැමිණීමට හැකි වී ඇතැයි ඔහු සඳහන් කළේය.
රාජ්‍ය බැංකු දෙකකට ඇති ණය සහ අන්තර්ජාතික බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ කමිටුව විසින් මේ වන විට සාකච්ඡාව ආරම්භ කර ඇතැයි රිචඩ් නටාල් වැඩිදුරටත් සඳහන් කළේය.
Ceylonwire වෙත අදහස් දක්වමින් ශ්‍රීලන්කන් ප්‍රධාන විධායක නිලධාරියා අවධාරණය කළේ ප්‍රතිව්‍යුහගතකරණයේ අරමුණ කිසිසේත්ම ණය නොගෙවා සිටීම නොවන බවය.
එය කිසිසේත්ම විකල්පයක් නොවන බවත් ණය පොලී පහළ හෙළීම සහ ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීම සැළකිල්ලට ගන්නා විකල්ප බවද ඔහු පැවසීය.
රජය සතු සමාගමක්ද නැතහොත් පෞද්ගලික සමාගමක්ද යන්නට වඩා වැදගත් වන්නේ රටකට ශක්තිමත් ජාතික ගුවන් සේවයක් තිබීම බව ශ්‍රීලන්කන් ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart