
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව, තමන් මුහුණදුන් පළමු තරගය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඩක්වත් ලුව්ස් න්‍යායට අනුව ලකුණු 39කින් ජයග්‍රහණය කළේය.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 03ක් තුළ සියලුදෙනා දැවීගියේ ලකුණු 204ක් රැස්කරගෙන සිටියදීය.
දිනුර කළුපහල ළකුණු 60ක් සහ ෂරුජන් ශන්මුගනාදන් ලකුණු 41ක් රැස්කළහ.
සිම්බාබ්වේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටියදී, 14 වැනි පන්දුවාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය.
ඒ අනුව, ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය ජයග්‍රහණය සදහා සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 22 ක් තුළ ලකුණු 129ක ඉලක්කයක් හිමිවිය.
කෙසේවෙතත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ ඉනිම 21යි පන්දු 01ක් අවසානයේ ලකුණු 89කට සීමාවිය.
මල්ෂ තරුපති කඩුලු 04 දවාගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart