
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අයර්ලන්තය සමග පැවැති තරගයේදී ලකුණු 133ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 325ක් ලබා ගත්තේය.
එහිදී විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ දිමුත් කරුණාරත්න ලකුණු 103ක් ලබා ගත්තේ සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින්.
සිය එක්දින ලකුණු 1000 සීමාව පසුකර යෑමට ද දිමුත් අද තරගයේදී සමත් විය.
දිමුත් සහ සමරවික්රම අතර තෙවැනි කඩුල්ලට ලකුණු 168ක සබඳතාවක් ගොඩ නැඟුණි.
එහිදී සදීර සමරවික්රම ලකුණු 82ක් ලබා ගත් අතර එය ඔහුගේ හොඳම එක්දින ඉනිමයි.
ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 42ක් ලබා ගත්තේය
ජයග්රහණය හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම ලකුණු 192කට සීමා විය.
නැවත වරක් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 79කට කඩුලු 5ක් දවා ගත්තේය.
ඔහු තරගයක කඩුලු 5ක් දවා ගත්තේ අඛණ්ඩව තෙවැනි වරටය.
මීට පෙර එක්දින තරග ඉතිහාසයේ එවැනි දස්කමක් සිදු කර ඇත්තේ වකාර් යුනිස් පමණි.
මෙම තරගය පරාජය වීමත් සමග අයර්ලන්තයේ සුපිරි 6 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව අහිමි විය.
ඒ අනුව B කාණ්ඩයෙන් ශ්රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය සුපිරි 6 දෙනාගේ වටයට පිවිසෙනු ඇත.
A කාණ්ඩයෙන් සිම්බාබ්වේ, නෙදර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart