
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇෆ්ගනිස්තානය සමග හම්බන්තොට සුරියවැව ක්රිකට් ක්රීඩාංගනයේදි අද(07) පැවති අවසන් එක්දින තරගය කඩුලු 09කින් ජය ගත් ශ්රී ලංකාව තරගාවලිය 2-1ක් ලෙස ජයගත්තේය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 22යි පන්දු 02ක් අවසානයේ ලකුණු 116කට සියලුදෙනා දැවිගියේය.
ප්රබල පන්දු යැවීමක නිරත වු දුෂ්මන්ත චමීර කඩුලු 04ක් සහ වනිදු හසරංග කඩුලු 03ක් ලබාගත්හ.
එමෙන්ම අබාධයකට ලක්ව අද තරගයට එක්වූ ලහිරු කුමාරද කඩුලු 02ක් බිඳහෙළීය.
ලකුණු 116ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී තරගය ජයගත්තේ ලකුණු 120ක් ලබා ගනිමිනි.
එහිදී පැතුම් නිස්සංක ලකුණු 51ක් ලබාගත් අතර දිමුත් කරුණාරත්න නොදැවි 56ක් වාර්තා කළේය.
ඒ අනුව ශ්රී ලංකාව ඇෆ්ගනිස්තානය පරාජය කරමින් තරග තුනකින් යුත් එක්දින තරගාවලිය දෙකට එකක් ලෙස ශුරතාව හිමිකරගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart