
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග ක්‍රිකට් තරගාවලියක් ලබන ජූනි මසදි පැවත්විමට නියමිතය.
ජුලි 20 වැනිදා ආරම්භ වන පන්දුවාර 20 ආසියානු කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සංවිධානය කර තිබේ.
ඒ අනුව, තරග තුනකින් යුත් පන්දුවාර 20 සහ තරග තුනකින් යුත් එක්දින තරගාවලියක් දෙරට අතර පැවැත්වේ.
2017 වසරෙන් පසුව කොදෙව් සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් ද්විපාර්ශවීක තරගාවලියකට මුහුණදෙන අතර කොදෙව් කාන්තා කණ්ඩායම අවසන් වරට පාකිස්ථානය සමග පැවැති එක්දින සහ පන්දුවාර 20 තරගාවලි ජයගෙන තිබේ.
දෙරට අතර එක්දින තරගාවලිය ජුනි මස 15 සිට 21 දක්වා ගාල්ලේදි සහ පන්දුවාර 20 තරගාවලිය හම්බන්තොට දි ජුනි 24 සිට 28 දක්වා පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart