
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපාන රජයෙන් හිමිවන ජපන් යෙන් මිලියන 963ක ප්‍රදානයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන ජපාන රාජ්‍ය සංචාරයේදී ප්‍රධාන ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන අංශය වැඩිදියුණු කිරීම සඳහා යෙන් මිලියන 463ක් සහ නාවික හමුදාව ශක්තිමත් කිරීම සඳහා නිල ආරක්ෂක ආධාර ව්‍යාපෘතියක් සඳහා යෙන් මිලියන 500ක් මෙම ප්‍රදානයට ඇතුළත් වේ.
කිරි නිෂ්පාදන අංශය යටතේ, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා ජපානය නවීන උපකරණ සහ තාක්ෂණික සහාය ලබාදෙනු ඇත.
මේ අතර, විමර්ශන, නිරීක්ෂණ සහ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සඳහා සහාය වීම වෙනුවෙන් මෙරට නාවික හමුදාවට ඩ්‍රෝන යානා සහ නිරීක්ෂණ තාක්ෂණය හිමිවීමට නියමිතය.
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන ජනාධිපතිවරයා සිය ජපන් සංචාරයේදී නිල හුවමාරු ලේඛන කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතය.
මෙම ව්‍යාපෘති ඉදිරියට ගෙනයෑමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
ජපාන රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා සැප්තැම්බර් 26 වැනිදා ජපානය බලා පිටත්ව යෑමට නියමිතය.
එහිදී ඔහු සැප්තැම්බර් 27 වැනිදා පැවැත්වෙන World Expo අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනයට ද සහභාගි වන අතර ජපාන රජයේ ඉහළ පෙළේ නායකයන් සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡාවල නිරත වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart