
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ප්‍රබල පාකිස්ථාන කණ්ඩායම කඩුලු 03කින් පරාජයට පත්කළ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.
ඒ අනුව තරගාවලියේ පළමු අවසන් පූර්ව වටයේදී බංග්ලාදේශය පරාජයට පත්කළ ඉන්දිය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20 තරගාවලියේ අවසන් මහා තරගය තරගය පැවැත්වෙන අතර, එම තරගය හෙට (28) පස්වරු 03ට දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ඊයේ රාත්‍රියේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී පාකිස්ථාන කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදී පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 04ට ලකුණු 140ක් රැසකළහ.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 141ක් ලබාගනිමින් තරගය ජයගත්තේ ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබමිනි.
එහිදි යළිත් නායකත්වයේ වගකීම ඉටුකරම්න් චමරි අතපත්තු අර්ධ ශතකයක් රැස්කළ අතර, ඇය ලකුණු 67ක් ලබාසිටියදී දැවිගියාය.
අනතුරුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය අනුෂා සංජිවනී පන්දු 22කින් ලකුණු 24ක් සහ සුගන්ධිකා කුමාරි ලකුණු 10ක් රැස්කළහ.
ඉතා විශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිරිගැන්වීමට දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart