
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තීව්ර වෙමින් පවතින ඉන්දු – පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යශය නිරන්තර අවධානයෙන් පසුවෙමින් රජය දැනුවත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවටඑක් වෙමින් ය.
එමෙන්ම ඉන්දියානු සාගර කලාපයේ භූ දේශපාලන ගැටුම්වලට කිසිසේත්ම මැදිහත් නොවන බවද අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ, ස්වෛරීභාවය ආරක්ෂා කර ගනිමින් නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන බවයි.
එහෙත් පැනනගින ත්‍රස්තවාදය කිසිසේත් අනුමත නොකරන බව සහ අනුබල නොදෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
එබැවින් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ගනුලබන ක්රියාමාර්ගව්ලදි ලබාදිය හැකි සහයෝගය ඕනෑම අවස්ථාවක ලබාදෙන බව ද අමාත්‍යවරයා පැවසුවේය.
ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ කලාපීය සාමය බව ද ඔහු පෙන්වාදුන්නේය.
එමෙන්ම එක් රටකට විරුද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා භූමිය හෝ ජල තීරය කිසිසෙත් ලබා නොදෙන ප්‍රතිපත්තිය තුළ රජය තදින්ම කටයුතු කරන බව ද ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart