
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය හයිද්‍රාබාද් හිදී අද පස්වරු 02ට ආරම්භ වේ.
අද තරගය සඳහා මහීෂ් තීක්ෂණ සුදුසු ශාරිරික යෝග්‍යතාවකින් පසුවන බව ශ්‍රී ලංකා සහාය පුහුුණුකරු නවීඩ් නවාස් ඊයේ (09) පැවැති ජනමාධ්‍ය හමුවේදී කියාසිටියේය.
ඒ අනුව,කසුන් රාජිතට අද තරගය බොහොදුරට අහිමිවිමට ඉඩ තිබේ.
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ අවස්ථා 08කදී තරගවැදී ඇති අතර, ඉන් අවස්ථා 07දීම පාකිස්ථානය හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ.
2019 ලෝක කුසලාන තරගාවලියේ දෙරට අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට කටයුතු කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින ලෝක කුසලානයකදි පාකිස්ථානය පළමු වරට පරාජය කිරීමේ අවස්ථාව අද හිමිව තිබේ.
මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිළ අද සහභාගි වන්නේ, සිය දෙවන තරගයට වන අතර, පළමු තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජය විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart