
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනිකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද පල්ලේකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විමට නියමිතය.
පස්වරු 2.30ට ආරම්භ වන අද තරගයේදි පන්දුවාර විස්ස අවසන් තරගයේදී අබාධයකට ලක්ව තවමත් පූර්ණ සුවයකට ලක්නොවු පැතුම් නිශ්ශංක බොහෝදුරට විවේක ගැන්වීමට නියමිත හෙයින්, ඉන්දිය එක්දින තරගාවලියේ දී ආරම්භක පිතිකරු ලෙස කටයුතු කල අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායමට කැදවිවීමට නියමිතව ඇත.
ඒ අනුව, ආරම්භ පිතිකරුවකු ලෙස යම් අසාර්ථකත්වයට ලක්වීම හමුවේ පසුගිය ඉන්දිය එක්දින තරගාවලියේදි මැදපෙළ පිතිකරු ලෙස පිටියට පිවිස සාර්ථක වු කුසල් මෙන්ඩිස්ට යළිත් වරක් ආරම්භක පිතිකරණයේ යේදීමට සිදුව තිබේ.
මේ හේතුවෙන් කමිඳු මෙන්ඩිස්ට අංක තුන ස්ථානයේ ක්‍රිඩාකිරීමට සිදුවනු ඇති අතර, ජනිත් ලියනගේට මැදපෙළ පිතිකරුවකු ලෙස කටයුතු කිරීමට සිදුවනු ඇත.
සිම්බාබ්වේ හි 2023 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී කණ්ඩායම් දෙක අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත අතර, එහි ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකරගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart