
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ඩිජිටල්කරණයේ මූලික අඩිතාලම ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (Sri Lanka Unique Digital Identity (SL-UDI) කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා පත්කර ඇති ඉන්දු – ශ්‍රී ලංකා ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව තීරණය කර තිබේ.
මෙම අධීක්ෂණ කමිටුව අද (04) ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ දී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා විය.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ටෙන්ඩර් මේ වන විට ලැබී ඇති බවත්, නිසි කාලරාමුවකට අනුව එය සමාලෝචනය කෙරෙමින් පවතින බවත් මෙහිදී සඳහන් කෙරුණි.
ඒ අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්තිකාරම් ගාස්තු ලෙස ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත මුළු මුදලින් 15%ක් එනම් ඉන්දීය රුපියල් මිලියන 450ක වටිනාකමකින් යුත් චෙක් පතක් මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වෙත භාර දෙනු ලැබීය.
නිසි කාල රාමුවක් අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙසත්, සතියකට වරක් රැස්වී එහි ප්‍රගතිය සමාලෝචනය කරන ලෙසත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගය මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියේ දී ඉතා වැදගත් බව පැවසු සාගල රත්නායක ඒ වෙනුවෙන් ඉන්දීය රජය ලබා දෙන සහාය පිළිබඳ ස්තූතිය පළ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart