
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ප්‍රවර්ධනය කරන ලද ගෝලීය මුලපිරීමක කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ හිස් ඉඩම් අක්කර 200ක් දක්වා වනාන්තර වගා කිරීමට සැලසුම් කර ඇති බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.
එම කමිටුව විසින් වනාන්තර ව්‍යාප්තියට මූල්‍ය අනුග්‍රහය ලබාදීම සඳහා තෝරාගත් රටවල් හතරෙන් එකක් ශ්‍රී ලංකාව වේ.
අනාගත පරපුරට විවිධ පාරිසරික බලපෑම්වලට මුහුණදීමට හැකිවන සේ වනාන්තර හා වන වගාවන් ඇති කළ යුතු අතර, මුඩුබිම් වනාන්තර බවට පත්කළ යුතු බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැති පවිත්‍රා වන්නිආරච්චි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වනාන්තර වගා කිරීම සඳහා හිස් ඉඩම් අක්කර 200ක් සහ පර්චස් 100ක් ලබා දීමට එකඟ වී ඇත.
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් සහ ප්‍රධාන ලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන අය මෙම වැඩසටහන සඳහා සහය වීමට දිවයිනට පැමිණෙනු ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart