
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
XP100 ශ්‍රේණිගත ඉන්ධන ලෙස හැඳින්වෙන ඔක්ටේන් 100 ප්‍රිමියම් පෙට්‍රල් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත අතර, එය වාහනවල, විශේෂයෙන්ම ඉහළ පෙළේ සුඛෝපභෝගී මෝටර් රථ සහ බයිසිකල්වල ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට උපකාරී වේ.
ඉන්දියන් ඔයිල් කෝපරේෂන් (IOC) හි උසස් නිලධාරියකු ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, නව ඉන්ධන තොගය ලැබීමට ආසන්න බවයි.
එම නිලධාරියා පෙන්වාදී ඇත්තේ නව ඉන්ධන ලීටරයක මිල සාමාන්‍ය ඉන්ධන නිෂ්පාදනවලට වඩා බෙහෙවින් වැඩිවනු ඇති බවයි.
IOC විසින් ශ්‍රී ලංකාවට නිකුත් කරන ඉහළම ඔක්ටේන් ශ්‍රේණිගත කිරීම් සහිත ප්‍රථම ඉන්ධන මෙය වනු ඇත.
පසුගිය මැයි 18 වැනිදා මුම්බායි හි ජවහර්ලාල් නේරු වරාය භාරයෙන් (JNPT) මෙම ඉන්ධන තොගය ශ්‍රී ලංකාවට නැව්ගත කර ඇති බව වාර්තා වේ.
XP100 ලෙස නම් කර ඇති මෙම පෙට්‍රල් වර්ගය ඉන්දියාවේ දේශීයව නිපදවා තිබීම විශේෂත්වයකි.
එය ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් එන්ජින් ක්‍රියාකාරිත්වය, වේගවත් ත්වරණය, සුමට රිය පැදවීමේ හැකියාව සහ වාහනවල ඉන්ධන පිරිමැස්ම සඳහා නිර්මාණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart