
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යෝජිත ක්‍රීඩා විශ්ව විද්‍යාලය ඉදිකිරීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති අතර, උපාධි අපේක්ෂකයන්ට ක්‍රීඩාව පිළිබඳ විශේෂඥ දැනුමින් උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා දෙන බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක පවසයි.
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය වැඩිදියුණු කිරීම තුළින්, දේශීය මෙන්ම පාසල් මට්ටමින් දක්‍ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණුකර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට අපේක්ෂා කරන මෙම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.
ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (11) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ ‘ස්ථාවර දේශයක් සඳහා සාමූහික මාවත’ යන තේමාව යටතේ පැවැති ජනමාධ්‍ය හමුවකදීය.
එසේම අන්තර්ජාතික ක්‍රීඩා තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ දී දේශපාලන මැදිහත්වීමක් සිදුවන බවට මෙතෙක් නැගුණ චෝදනාව අවසන් කරමින් ජාතික ක්‍රීඩා සභාව පිහිටුවීමට රජය පියවර ගෙන තිබෙන බව සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා, නව ජාතික ක්‍රීඩා සභාව අත්දැකීම් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් මෙන්ම පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත බවත් මෙරට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැඟීමට එය ඉවහල් වනු ඇති බවත් සඳහන් කළේය.
“මෙරට ක්‍රීඩාව පිළිබඳව අවබෝධයක් ඇති ක්‍රීඩාවේ නිරත වූ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන අර්ජුන රණතුංග, සුසන්තිකා ජයසිංහ වැනි ප්‍රවිණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ජාතික ක්‍රීඩා සභාව සමන්විත වෙනවා. ජාත්‍යන්තර තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවීමේ දී නිසි පරිසාධන මට්ටම් ඔස්සේ අදාළ තෝරා ගැනීම් සිදු කිරීමට එමගින් අවස්ථාව ලැබී තිබෙනවා. ඒ නිසා මෙම කටයුතුවලදී දේශපාලන මැදිහත්වීමක් සිදුවන බවට අද කිසිවෙකුට චෝදනා කරන්න බැහැ. මත්ද්‍රව්‍ය භාවිතය අද ජාත්‍යන්තර තරගවලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එල්ලවන ප්‍රධාන චෝදනාවක් වී තිබෙනවා. එම නිසා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ක්‍රීඩා අමාත්‍යාංශය තුළ පුළුල්ව ක්‍රියාත්මක කර තිබෙනවා.” යැයි හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart