
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත්කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය ඉන්දියාවේ සහාය ලබාගැනීමට සුදානම් වන බව වාර්තා වේ.
ඒ අනුව එම අමාත්‍යාංශය කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සම්බන්ධ වී තිබේ.
ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දේශසීමා ආසන්න ස්ථාන කරා ළඟා විය හැකි නම්, මෙම ක්‍රියාවලියට සහය දැක්වීමට ඉන්දියාව එකඟ වී ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් දෙරටේ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සම්බන්ධ වී සිටින බව පැවසේ.
මේ අතර, ඉන්දියාව දැනටමත් ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් පිටවිමට කැමැත්තෙන් සිටින ඉන්දියානුව ආරක්ෂිතව ඉවත් කිරීම ආරම්භ කර ඇත.
ඒ වෙනුවෙන් ඉන්දියාව විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර ඇති අතර එය නම් කර ඇත්තේ ‘සින්ධු’ ලෙසයි.
මෙහෙයුම යටතේ ඉන්දියානු පුරවැසියන් ඉවත්කිරීම දැනටමත් ආරම්භ කර ඇත.
ඉන්දියානු සිසුන් 110 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම උතුරු ඉරානයෙන් ඉවත්කර ඔවුන් ඊයේ සාර්ථවක නවදිල්ලි නුවර වෙත රැගෙනවිත් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart