
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ පැවති යුද ගැටුම්වලදී සිදුවූ බව පැවසෙන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට බාහිර මැදිහත්වීම් හෝ යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.
ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් රජය වෙනුවෙන් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් කියාසිටියේ දේශීය යාන්ත්‍රණයක් හරහා පමණක් වගවීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකාව කැපවී සිටින බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතිය පිළිගන්නා ලෙස අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටි අතර වගවීමේ යාන්ත්‍රණයන් ඇතුළු පරිපාලනය පොරොන්දු ඉටුකිරීමට අමතර කාලයක් ද ඉල්ලා සිටියේය.
අද පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාව ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් කියාසිටියේ යුක්තිය ඉටු කිරීමට, නීතියේ ආධිපත්‍යය යථාතත්ත්වයට පත්කිරීමට සහ වෙනස් කොට සැලකීම සහ බෙදුම්වාදී දේශපාලනය තුරන් කිරීමට ශ්‍රී ලංකා රජය ලබා දී ඇති ප්‍රතිඥා අවසානයේ ස්ථිර ප්‍රතිඵල ලබාදිය යුතු බවයි.
සිවිල් යුද්ධය ද් ඇතුළුව සිදුකරන ලදැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් පිළිබඳ පැහැදිලි පිළිගැනීමක් සහ රාජ්‍යයේ වගකීම සහ එල්ටීටීඊය ඇතුළු රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම්වල වගකීම පිළිගැනීමට ද වාර්තාව මගින් ඉල්ලා තිබේ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය අද ජිනීවා හිදී ආරම්භ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart