
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් පෞද්ගලීකරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති තීරණය කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන වාණිජ කර්මාන්ත හා ප්‍රගතිශීලී වෘත්තීය සමිතිය ප්‍රමුඛ වෘත්තීය සමිති කිහිපයක් මෙම තීරණය ගෙන තිබේ.
මේ පිළිබඳව ඊයේ (27) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.
ඒ සඳහා නාමල් රාජපක්ෂගෙන්ද සාධනීය ප්‍රතිචාර ලැබුණු බව වාර්තා වේ.
රටේ සම්පත් විකිණීමට කිසිලෙසකින්වත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඉඩ නොදෙන බව වාණිජ කර්මාන්ත හා ප්‍රගතිශීලී වෘත්තීය සමිති නියෝජිතයන් පවසා ඇති බවද වාර්තා වේ.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart