
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද(19) පස්වරුවේ කොළඹදී පැවති තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ ‘විජයග්‍රහණයේ 14 වැනි රණවිරු සැමරුමට’ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ සහභාගී නොවීම කැපීපෙනෙන සිදුවීමක් විය. විශේෂයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී නොවූ පළමු ‘විජයග්‍රහණයේ රණවිරු සැමරුම’ මෙය විය.
ඒ වෙනුවට බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැති සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය.
මෙම අවස්ථාවට පූජ්‍ය පක්ෂය, මියගිය ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ භාර්යාවන්/ඥාතීන්, අගමැති දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, මැති ඇමතිවරුන්, ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආරක්ෂක හමුදා සාමාජිකයන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, රණවිරු සේවා අධිකාරියේ සභාපති, ත්‍රිවිධ හමුදාවේ ප්‍රවීණයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව සිටිනු දැකගත හැකිවිය.
පසුගිය වකවානුවේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහභාගී වන රාජ්‍ය උත්සව වර්ජනය කළ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාද මෙම සැමරුමට එක්ව සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart