
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම් කටයුතු අද පස්වරු 4.00 ට අවසන් විය.
ඡන්ද විමසිම පැවැති කාලසීමාව තුළ සැලකිවයුතු ප්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තා නොවුණු බව මැතිවරණ නිලධාරීහු සහ ඡන්ද නිරීක්ෂකයෝ පවසති.
මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් යුතුව නව පාර්ලිමේන්තුව තෝරා පත්කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 17.1 කට අධික ඡන්දදායකයින් පිරිසක් මෙවර සුදුසුකම් ලබා තිබිණි.
තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4.30 වන විට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව දිස්ත්‍රික් නිලධාරීහු පැවසූහ.
ප්‍රකාශිත ඡන්ද ගණන් කිරීම රාත්‍රී 8.30 ට පමණ ආරම්භ වීමට නියමිතය.
ඒ අනුව පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10 යි 30 න් පසුව නිකුත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart