
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශ කණ්ඩායම සමග ඊයේ (06) පැවැති තරගයේ දී තෙවැනි විනිසුරුවරයා ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබේ.
තරගයේ හතරවැනි පන්දුවාරයේ පළමුව පන්දුවේ දී ප්‍රධාන විනිසුරුවරයා දැවීයාමේ තීන්දුවක් ලබාදුන් අතර තෙවැනි විනිසුරුවරයා එය නොදැවී යෑමක් ලෙස ප්‍රකාශයට කළේ ය.
මෙම තීරණය මේ වන විට විශාල ආන්දෝලනයක් ඇතිකර තිබේ.
තරග තීරකවරයා හරහා අදාළ පැමිණිල්ල සිදුකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වේ.
සිව්වැනි පන්දුවාරයේ පළමු පන්දුව සෞම්‍ය ශංකර්ගේ පිත්තේ ගෑවී කුසල් මෙන්ඩිස් රැකගනු ලැබූ අතර, පිටියේ විනිසුරුවරයා සෞම්‍ය ශංකර් දැවීගිය පිතිකරුවකු ලෙස නම්කළේය.
Ultra edge තාක්ෂණය ඔස්සේ පරීක්ෂා කිරීමේදී එය පිත්තේ ගෑවී යන බවට පෙන්නුම් කළද, තෙවැනි විනිසුරු තීරණය කළේ ඔහු නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස නම් කිරීමටය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart