
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
13 වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ තුන්වැනි තරගයද ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද සමත්ව තිබේ.
සත්කාරක ඉන්දීය දැල්පන්දු කණ්ඩායම ලකුණු 81ට 31ක් ලෙස පරාජයට පත්කරමින් එම ජය වාර්තා කරන ලදී.
සෞදි අරාබි දැල්පන්දු කණ්ඩායමට එරෙහිව ලකුණු 118ට 05ක් ලෙස දෙවැනි තරගයේදී දැවැන්ත ජයක් ලැබූ ශ්‍රී ලංකාව පළමු තරගයේදී පිලිපීනය ලකුණු 73ට 42ක් ලෙස පරාජය කළේය.
ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රිඩිකාවන් මුලික වටයේ තවත් තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව අනිද්දා (22)ජපානය සමග මෙන්ම ලබන 23වැනිදා මලයාසියාව සමගත් ලබන 25 වැනිදා මාලදිවයින සමගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම තරග වදිනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart