
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක ඇෆ්ගනිස්ථානය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්.සි.සි. ක්‍රීරිඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.
ඊයේ දෙවැනි දිනය සදහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 06ට ලකුණු 410ක් ලෙස සටහන්ව තිබුණේය.
එහිදී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 232 ක සම්බන්ධත්වක් ගොඩනැගීමට සමත්වූයේ කඩුලු 03ට ලකුණු 148ක්ව පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ නංවමිනි.
ඒ අනුව, 4වැනි කඩුල්ල ලෙස ශ්‍රී ලංකා ලකුණු පුවරුව 380ක්ව තිබියදි සිය 15වන ටෙස්ට් ශතකය වාර්තා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 107 රැස්කරනගෙන සිටියදී දැවිගියේය.
ඇන්ජලෝ මැතිව්ස් අවසනාවන්ත ලෙස හිට් විකට් ලෙස, එනම් පන්දුවට පහරදීමෙන් පසු පිත්ත කඩුල්ලේ වැදීමෙන් දැවිගියේ ලකුණු 141කට වන අතර එය ඔහුගේ ටෙස්ට් දිවියේ 16වැනි ශතකයද විය.
දිමුත් කරුණාරත්න ලකුණු 77ක් රැස්කළේය.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමු ඉනිම සදහා සියලුදෙනා දැවි රැස්කළේ ලකුණු 198ක් වන අතර ඒ අනුව, පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඇෆ්ගනිස්ථානය වඩා ලකුණු 212ක් ඉදිරියෙන් පසුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart