
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුනෙස්කෝ හෙවත් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (UNESCO) විධායක මණ්ඩලයට ශ්‍රී ලංකාව ඡන්ද 144 කින් තේරී පත් වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
2023-27 කාලසීමාව සඳහා සාමාජිකයන් 58 දෙනකුගෙන් යුත් ආයතනය සඳහා ඡන්ද විමසීම බදාදා පැරිසියේ පැවති 42වැනි යුනෙස්කෝ මහා සම්මේලනයේදී පැවැත්විණි.
ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියට සහභාගී වූ සාමාජික රටවල් 188න් ඡන්ද 144ක් ලබාගනිමින් ශ්‍රී ලංකාව විධායක මණ්ඩලයේ සිය ස්ථානය තහවුරු කරගත්තේය.
ආසියා පැසිෆික් කලාපයේ, අපේක්ෂකයන් නවදෙනකුගෙන් හයදෙනකුම මෙහිදී විධායක මණ්ඩලයට තේරී පත්විය.
ශ්‍රී ලංකාව සමඟින් තේරී පත්වුණු කලාපයේ අනෙකුත් රටවල් වන්නේ පකිස්ථානය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, කොරියාව සහ ඕස්ට්‍රේලියාවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart