
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී නීතිවිරෝධී ලෙස කටයුතු කළ ඉන්දීය ධීවරයන් හේතුවෙන් නාවික හමුදා නිලධාරියකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි අවධානය යොමු වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.ජයිශංකර් හමුවෙමින් නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්ෂෙනුකා සෙනෙවිරත්න දැනුම්දී තිබේ.
ඉන්දීය ධීවරයන් වසර ගණනාවක් තිස්සේ නීතිවිරෝධී මසුන් ඇල්ලීමේ යෙදී සිටින ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේ දී මෙම සිදුවීම වාර්තා වූ දිනයේම ඇය ඉන්දීය ඇමැතිවරයා හමු වී ඇති බව වාර්තා වේ.
ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන කණස්සල්ල දැනුම් දෙන ලදී.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් නිලූක කදුරුගමුව විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.
එය ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයන් විසින් අසීමිත ලෙස නීති විරෝධීව මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් ඉන්දීය රජය වෙත කරන ලද විධිමත් දැනුම්දීමක් ද වේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවට අනුව, කන්කසන්තුරේට ඔබ්බෙන් වූ විශේෂ මෙහෙයුමකදී ඉන්දීය ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුර යාත්‍රාවට ආක්‍රමණශීලී ලෙස කඩා වැදීම හේතුවෙන් නාවික නිලධාරියා මියගොස් ඇත.
මියගිය නාවිකයා විශේෂ යාත්‍රා බලඝණයේ නිලධාරියෙකි.
ප්‍රියන්ත රත්නායක (40) නම් ඔහු මරණින් පසු මීළඟ තනතුරට උසස් කිරීමට පියවර ගෙන තිබිණි.
ඔහුගේ අවසන් කටයුතු පසුගිය බ්‍රහස්පතින්දා කුරුණෑගල, ඉබ්බාගමුව ප්‍රදේශයේ දී සිදු විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart