
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ පැවැති තරගයේදී ඉන්දියාව හමුවේ ලද නින්දිත පරාජයට හේතු සෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
ඒ අනුව මෙම පරාජයට හේතු පිළිබඳව කණ්ඩායමේ පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ඊයේ පැවැති තරගය වෙනුවෙන් කණ්ඩායම තේරීම සිදුකළේ කුමන පදනමකින්ද යන්න සහ ධනංජය ද සිල්වා වෙනුවට තරගය සඳහා දුෂාන් හේමන්ත කැඳවීමට තීරණය කිරීමද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගැටළුවක් වී ඇති බවද දැනගන්නට ඇත.
පසුගිය ආසියානු කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගය සිහිගන්වමින් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවැති තරගයේදීද ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම දැවැන්ත පරාජයක් ඊයේ ලැබීය.
මුම්බායි හි වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැති තරගයේදි ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 302 ක දැවැන්ත ජයක් ලබාගත්තේය.
මෙම පරාජය ශ්‍රී ලංකාව ලෝක කුසලානයක ලැබූ දැවැන්තම පරාජය ලෙස වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart