
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය කණ්ඩායම සමග ලබන 27වැනිදා ආරම්භ වන තරග තුනකින් යුත් පන්දුවාර විස්ස තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නැගී එන ක්‍රීඩක සම්මානය හිමිවූ චමිදු වික්‍රමසිංහ නම්කර ඇත.
එමෙන්ම, වසර දෙකකට පසු පන්දුවාර විස්ස කණ්ඩායමට දිනේෂ් චන්දිමාල් කැඳවා ඇති අතර පසුගිය පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි වු ඇන්ජලෝ මැතිව්ස් සහ ධනනංජය ද සිල්වා කණ්ඩායමට නම්කර නැත.
කෙසේවෙතත් පන්දුවාර විස්ස ලෝක කුසලානයට නම් නොකළ එහෙත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතා දැක්වු කුසල් ජනිත් පෙරේරා ද සංචිතයට ඇතුළත් කර තිබේ.
ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා පන්දුවාර විස්ස සංචිතය;
චරිත් අසලංක (නායක)
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කුසල් ජනිත් පෙරේරා
කමිඳු මෙන්ඩිස්
දසුන් ශානක
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
මතීෂ පතිරණ
නුවන් තුෂාර
දුනිත් වෙල්ලාලගේ
දුෂ්මන්ත චමීර
බිනුර ප්‍රනාන්දු
දිනේෂ් චන්දිමාල්
අවිශ්ක ප්‍රනාන්දු
චමිඳු වික්‍රමසිංහ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart