
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෙටි කලක් ක්‍රියාත්මක වූ අතුරු කමිටු සාමාජිකයන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිශ්‍රයෙන් වැදගත් ව්‍යාපෘති සම්බන්ධ ගෙවීම් වවුචර සහ ලියකියවිලි ඉවත්කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය චෝදනා කරයි.
මෙම ලේඛන කඩිනමින් ආපසු ලබානොදුන්නොත් වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත.
අතුරු කමිටුවක් පත්කරනු ඇතැයි අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් පසුගිය දින කිහිපය තුළ රුපියල් බිලියන ගණනක චෙක්පත් ලියා ඇතැයි ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ඊයේ (07) පවසා තිබේ.
දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි බුබුළු පසුගිය දින කිහිපය තුළ රුපියල් බිලියන 1.5ක් වැයකර කඩිමුඩියේ වෙනස් කළ බව ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැදගත් ලිපි ලේඛන අස්ථානගතවීමේ අවදානමක් පවතින බවද ඔහු පවසා තිබේ.
එම ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත්තේ, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ක්‍රීඩා ඇමැතිවරයා අසත්‍ය, ද්වේෂ සහගත සහ නොමඟ යවනසුළු තොරතුරු ඉදිරිපත් කර ඇති බවයි.
මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) 2024 දී 19න් පහළ ලෝක කුසලානය පැවැත්වීම ශ්‍රී ලංකාවට පවරා ඇත.
මෙය 2024 ජනවාරි මස ආරම්භ වීමට නියමිත අතර, එය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උනන්දුවෙන් කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.
දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි පහන් සහ ඒ ආශ්‍රිත යටිතල පහසුකම් සවිකිරීමේ ව්‍යාපෘතිය 2023 ආසියානු කුසලානය සඳහා පහසුකම් සැලසීමට ආරම්භ වූ නමුත්, එකල පැවති ආනයන සීමාකිරීම් හේතුවෙන්, එම ඉසව්ව සඳහා නියමිත වේලාවට එය අවසන් කිරීමට නොහැකිවී ඇතැයි ක්‍රිකට් ආයතනය පවසයි.
මෙම ව්‍යාපෘතිය සඳහා මහජන ටෙන්ඩරයක් මීට මාස කිහිපයකට පෙර සිදු කරන ලද අතර, එම ක්‍රියාවලිය පුරාවටම අමාත්‍යාංශ නියෝජිතයෙක් එය නිරීක්ෂණය කර ඇතැයි එම ආයතනය වැඩිදුරටත් සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart