
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්රීඩා ඇමැති හරීන් ප්රනාන්දු අද ප්රකාශ කළේ ICC පිරිමි T20 ක්රිකට් ලෝක කුසලානය අතරතුර ඇමරිකා එක්සත් ජනපදයේදී ගැටලුවලට මුහුණ දෙන රටවල් කිහිපය අතර ශ්රී ලංකාවද සිටින බවයි.
ලෝක කුසලාන තරඟාවලියේදී ශ්රී ලංකා ජාතික කණ්ඩායම මුහුණ දෙන විවිධ ගැටළු සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා හරහා අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයෙන් ලිඛිත විමසීමක් කර ඇති බව ඇමැති හරීන් ප්රනාන්දු අද පාර්ලිමේන්තුව අමතමින් කියාසිටියේය.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සොයාබැලීම සඳහා නිලධාරියෙකු පත්කර ඇති බවත්, එම නිලධාරියා එක්සත් ජනපදයට ගොස් ගැටලු විසඳීමට සහාය වන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
දැනට පැවැත්වෙන ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී ජාතික කණ්ඩායම සම්බන්ධයෙන් මතුව ඇති විවිධ ගැටලු සම්බන්ධයෙන් ද ක්රීඩා ඇමැතිවරයා ප්රතිචාර දැක්වූයේය.
එක්සත් ජනපද ගුවන් තොටුපලකදී පැය 07ක ප්රමාදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ක්රීඩා ඇමැතිවරයා කියාසිටියේ මෙම තත්ත්වයට මුහුණ දුන් එකම කණ්ඩායම ශ්රී ලංකාව නොවන බවත් අයර්ලන්ත සහ දකුණු අප්රිකානු කණ්ඩායම්වලටද ගුවන් ගමන් ප්රමාදයන් ඇති වූ බවත්ය.
“ගුවන් ගමනේදී ඇති වූ තාක්ෂණික අපහසුතා හේතුවෙන් ක්රිකට් කණ්ඩායම් තුනම ප්රමාදයකට මුහුණ දුන්නා. මේ හේතුවෙන් කණ්ඩායම් පැය 07ක කාලයක් ෆ්ලොරිඩා ගුවන් තොටුපළේ අතරමව සිටියා” යැයි ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මේ පිළිබඳව ICC වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව ඇමති ප්රනාන්දු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart