
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත් කළ අතුරු පාලන කමිටුව සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය අද (07) එම නියෝග නිකුත් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය නොවැම්බර් මස 05 වනදා සිට අත්හිටුවිමේ ගැසට් නිවේදනයක් ක්‍රීඩා හා යෞවන ඇමැති රොෂාන් රණසිංහ විසින් නිකුත් කර තිබිණ.
හිටපු ක්‍රිකට් නායක අරජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුත් එම අතුරු කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, නීතිඥ රකිත රාජපක්ෂ, උපාලි ධර්මදාස සහ හිෂාම් ජමාල්ඩීන්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart