
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජය විසින් උතුරු පළාතේ සුළං විදුලිබල සංවර්ධනය සඳහා අක්කර 60,000 කට අධික භූමි ප්‍රමාණයක් සහ ප්‍රධාන වශයෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල අක්කර 19,000 කට අධික ප්‍රමාණයක් සූර්ය විදුලි බලාගාර සඳහා හඳුනාගෙන ඇති බව නවතම නිල දත්ත අනාවරණය කරයි.
2030 දී සිය බලශක්තියෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තියෙන් නිපදවීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇත.
නව ව්‍යාපෘති මගින් සුළං බලාගාර හරහා මෙගාවොට් 772 ක ධාරිතාවක් සහ සූර්ය බලාගාරවලින් මෙගාවොට් 3,863 ක ධාරිතාවක් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇතැයි වර්ටා සඳහන් කරයි.
කුඩා සූර්ය සහ සුළං බල උත්පාදන ව්‍යාපෘති සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට 09ක් දක්වා සමස්තයක් ලෙස එකතු වෙමින් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ දත්ත පෙන්වාදෙයි.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ පවසන්නේ, ශ්‍රී ලංකාව බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කිරීමට පෙර ක්‍රියාත්මකව තිබූ සමහර පුනර්ජනනීය ව්‍යාපෘති ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන්කි ප්‍රමාද වී ඇති බවයි.
ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සාකච්ඡා අවසන් වන තුරු ජයිකා, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ යුරෝපා ප්‍රදාන යටතේ අත්සන් කරන ලද සියලුම ව්‍යාපෘති අත්හිටුවා ඇති බව ඔහු පවසයි.
මීට අමතරව ඉන්දියාවේ අදානි සමූහයට අයත් Adani Green Energy Ltd විසින් ඩොලර් මිලියන 442 ක් වටිනා සුළං බලාගාර දෙකක් ඇතුළුව විශාල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කිහිපයක් ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇත.
මෙම විශාල ව්‍යාපෘතිවල සැලසුම වන්නේ සූර්ය බලාගාරවලින් විදුලිය මෙගාවොට් 1,084 ක් සහ සුළං බලාගාරවලින් මෙගාවොට් 484 ක් ජනනය කිරීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart