
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව දඹුල්ලේදී පැවැති තෙවැනි තරගය ජයගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම T20 තරගාවලියද 2-1ක් ලෙස ජයගැනීමට සමත්විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ ලකුණු 162ක් ලබාගත්තේය.
කොදෙව් ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කළ රොව්මන් පවෙල් පන්දු 27කට මුහුණදෙමින් ලකුණු 37ක් රැස්කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග (2/24) හා මහීෂ් තීක්ෂණ (2/19) කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 163ක ඉලක්කය සපුරා ගත්තේය.
මෙම ශ්‍රී ලංකා ඉනිමේදී කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා අර්ධ ශතක ලබාගත්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart