
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම සත්කාරක ශ්‍රී ලංකාව තරගාවලියේ ජය තහවුරු කර ගත්තේය.
ඒ, තරගාවලියේ දෙවැනි තරගයත් කඩුලු 5කින් ජය ගනිමිනි.
වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා තරගයේ ආරම්භය ප්‍රමාද වූ අතර, ඒ අනුව එක් ඉනිමක් පන්දුවාර 44කට සීමාකෙරිණි.
කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක තීරණය කළේ, පළමුවෙන් පන්දු රැකීමටය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම අබියස කොදෙව් මුල් පිතිකරුවන්ට සාර්ථක වීමට හැකිවූයේ නැත.
ඔවුන්ගේ කඩුලු 8ක් ලකුණු ලකුණු 58ක් තුළ බිඳහෙළීමට මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග සහ අසිත ප්‍රනාන්දු ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
9වැනි කඩුල්ලට එක්වු ශර්ෆේන් රදර්ෆර්ඩ් සහ ගුඩකේෂ් මෝටි කොදෙව් ඉනිම ශක්තිමත් කළේ ලකුණු 119ක සබඳතාවක් ගොඩනගමිනි.
එය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්දින තරගයකදී 9වැනි කඩුල්ලට ගොඩනැගූ හොඳම සබඳතාවද වේ.
ශර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 80ක් රැස්කළේ ය.
ගුඩකේෂ් මෝටි ලකුණු 50කි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම සියලුදෙනා දැවීරැස් කළ ලකුණු සංඛ්‍යාව 189කි.
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ නිශාන් මදුශ්ක සහ අවිශ්ක ප්‍රනාන්දුය.
පළමු කඩුල්ල ලෙස අවිශ්ක ලකුණු 9කට දැවීගියේය.
කුසල් මෙන්ඩිස් ලකුණු 3කි.
නිශාන් මදුෂ්ක සමග එක් වූ සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා තුන්වැනි කඩුල්ලට ලකුණු 62ක සබඳතාවක් එක්කළහ.
නිශාන් ලකුණු 38ක් සහ සධීර ලකුණු 38ක් රැස්කළහ.
නායක චරිත් අසලංක සමග එක්වූ ජනිත් ලියනගේ පස්වැනි කඩුල්ලට ලකුණු 55ක් එක්කළහ.
නායක අසලංක අද රැස් කළේ 14වැනි එක්දින අර්ධ ශතකයයි.
ජනිත් ලියනගේ ලකුණු 24කි.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක නොදැවී ලකුණු 62කි.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 2කදී කඩුලු 5ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසුකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart