
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නායක චරිත් අසලංකගේ සහ මංගල තරගය ක්‍රීඩාකළ ක්‍රීඩක නිශාන් මධුෂ්කගේ අර්ධ ශතක හේතුවෙන් සංශෝධිත ශ්‍රී ලංකාවට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පල්ලෙකැලේ පැවැති පළමු එක්දින තරගය කඩුලු 5කින් ජයගැනීමට හැකිවිය.
වර්ෂාව හේතුවෙන් ඕවර 37කදී ලකුණු 232ක සංශෝධිත ඉලක්කයක් හඹාගිය සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3කට ලකුණු 45ක් ලබාසිටියදී යම් අසීරු තත්ත්වයකට පත්වීමෙන් අනතුරුව සිවුවැනි කඩුල්ලට ලකුණු 137ක සබඳතාවක් ගොඩනැගීමට අසලංක සහ මධුෂ්ක සමත්වූහ.
අසලංක පන්දු 71කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත් අතර මධුෂ්ක පන්දු 54කදී ලකුණු 69ක් ලබාගත්තේය.
ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 187ක් ලබා සිටියදී එම ප්‍රබල පිතිකරුවන් දෙදෙනාම ඉක්මණින් දැවී ගිය නමුත් කමිඳු මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ තම කණ්ඩායම ඉලක්කය කරා රැගෙන යෑම නිසා තරගයට පහසුවෙන් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දුවට පහරදීමට තීරණය කර ඕවර 38.3කදී කඩුලු 4ක් දැවී ලකුණු 185ක් ලබා සිටි අතර වර්ෂාව හේතුවෙන් තරගය නතර විය.
දීර්ඝ කාලයක් තරගය නතර කිරීම නිසා ඔවුන්ට නැවත සිය ඉනිම ආරම්භ කිරීමට නොහැකි වූ අතර ශ්‍රී ලංකාවට සංශෝධිත ‘ඩක්වර්ත් ලුවිස් ඉලක්කයක්’ ඉලක්කය ලබාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart