
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දසුන් ශානක යැවූ සුපිරි අවසන් පන්දුවාරය හමුවේ බංග්ලාදේශය කණ්ඩායම ලකුණු 03 කින් පරාජයට පත්කොට පළමු පන්දුවාර 20 තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්විය.
තරගයේ අවසන් පන්දුවාරය තුලදී බංග්ලාදේශය කණ්ඩායමට ලකුණු 12ක් අවශ්‍යව තිබූ නමුත් දසුන් ශානක ලකුණු 08ක් පමණක් ලබා දී කඩුලු දෙකක් දවාගත්තේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පළමුව පන්දුවට පහරදී පන්දුවාර 20 තුළ කඩුලු 03ට ලකුණු 207ක් රැස්කළ අතර එහිදි සධීර සමරවික්‍රම ලකුණු 61ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස් කිරීමට සමත්වූහ.
නායකත්වයේ වගකීම පැවරණු පළමු තරගයේදීම චරිත් අසලංක පන්දු 21කදී වේගවත් ලකුණු 44ක් ලබාගත්තේ, 06 පහර 06ක් එල්ල කරමිනි.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රිඩාකළ බංග්ලාදේශය පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 203ක් රැස්කළේය.
එහිදී බංග්ලාදේශය ලකුණු 200 සීමාවට ගෙනයෑම සදහා අත්දැකීම් සහිත මහමදුල්ලාහ් සහ ජෙකර් අලි සමත්විය.
මහමදුල්ලාහ් ලකුණු 54ක් සහ ජෙකර් අලි ලකුණු 68කට අවසන් පන්දුවාරයේදී දැවිගියේය.
මෙම තරගයේදී මතීෂ පතිරණ පාලනයෙන් තොරව පන්දු යවනු දක්නට ලැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart