
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පන්දුවාර 20 තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද පස්වරු 5.30ට(මෙරට වේලාවෙන්) සිල්හෙට් හි දී ආරම්භ වීමට නියමිතය.
කණ්ඩායම් දෙක ඊයේ අවසන් පුහුණු සැසිවලට සහභාගි වූ අතර තරගාවලිය සදහා වන කුසලානයද එළිදැක්විණි.
අන්තර්ජාතික ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 තරගාවලියක් ජයග්‍රහණය කිරිමට නොහැකිවී තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල පැනවූ තරග තහනම අනුව ශ්‍රී ලංකා පන්දුවාර 20 නායක වනිදු හසරංග පළමු තරග දෙක සදහා සහභාගි නොවන හෙයින් එම වගකීම උපනායක චරිත් අසලංකට පැවරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරන ලදී.
කුසල් පෙරේරා සහ පැතුම් නිශ්ශංක වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු සහ නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට ආදේශ කෙරිණි.
එක්දින,පන්දුවාර 20 සහ ටෙස්ට් තරග සදහා බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වයට පත්වූ නජ්මුල් හුසේන් සැන්ටොගේ පළමු අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලිය මෙයවීමද විශේෂත්වයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart