
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ නිල ණය හිමියන්ගේ කමිටුවේ නිවේදනයක් ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් සිටින බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි.
චීනය සමඟ එකඟතාවයකට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකාව නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටී.
“ඉතා ඉක්මනින් ප්‍රතිඵලය ඔබට ඇසීමට ලැබෙනු ඇත,” යැයි ලේකම්වරයා අද ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ආර්ථික සමුළුව හමුවේ පැවැසීය.
පෞද්ගලික ණය හිමියන් සමඟ ද සාකච්ඡා සිදුවෙමින් පවතින බව හෙතෙම සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණයහිමි රටවල් කණ්ඩායම එකඟවූ බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
එහෙත් එම තහවුරු කිරීමේ ලිපිය නිල ණයහිමි කමිටුවෙන් මෙතෙක් මෙරට බලධාරීන්ට ලැබී නොමැති බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart