
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ඓතිහාසික ටෙස්ට් තරගය කොළඹ SSC පිටියේ දී මීට සුළු වෙලාවකට පෙර ආරම්භ විය.
තරගයේ කාසිය වාසිය දිනූ ධනංජය ද සිල්වා තරගයේ පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්තානයට ආරාධානා කළේය.
ශ්රී ලංකාවේ 18 වැනි ටෙස්ට් නායකයා ලෙස තේරී පත් වූ ධනංජයගේ කුළුඳුල් ටෙස්ට් තරගය වන මෙය ශ්රී ලංකාව සහ ඇෆ්ගිනිස්ථානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ද මෙය ලෙස ඉතිහාසයට එක්වෙයි.
මෙම තරගයත් සමගින් ලොව ටෙස්ට් ක්රීඩා කරන රටවල් 11 සමගම ටෙස්ට් තරගයක් ක්රීඩා කළ දෙවැනි රට බවට ශ්රී ලංකාව වාර්තා පොත් අතරට එක්විය.
එහි පළමු රට වූයේ බංග්ලාදේශයයි.
ශ්රී ලංකාව වෙනුවෙන් වේග පන්දු යවන ක්රීඩක චාමික ගුණසේකර මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනාගත්තේය.
ඔහු ශ්රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් 165 වැනියායි.
ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ක්රීඩකයින් සිව්දෙනෙක් අද ටෙස්ට් වරම් හිමිකරගත්හ.
ඒ, නූර් අලි ස(Z)ර්දාන්, සී(Z)යා උර් රහීම්, මොහොමඩ් සලීම් සහ නවීඩ් ස(Z)ර්දාන් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart